ඩෙංගු රෝගීන් 59,000 ඉක්මවයි

රට තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම 59,638 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩෙංගු මරණ 39 ක් ද වාර්තා වන බවයි, ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ.

සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 52ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

ඒ කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලයි.