පැණි බීමවල සීනි මට්ටම් තවත් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

දියර ආහා­ර­වල තිබිය යුතු සීනි මට්ටම සංශෝ­ධ­නය කර­මින්, ආහාර උප­දේ­ශක කමි­ටුවේ නිර්දේශ මත සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ අත්ස­නින් යුතුව අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­න­යක් නිකු­ත්කර තිබෙනවා.

නව සංශෝ­ධන අනුව දියර ආහා­ර­වල අන්ත­ර්ගත සීනි ප්‍රමා­ණ­යන් රතු, ඇම්බර් සහ කොළ යන වර්ණ සංකේත යටතේ වර්ගී­ක­ර­ණ­යට ලක් කිරී­මේදී, අන්ත­ර්ගත වන සීනි ග්‍රෑම් ප්‍රමා­ණය තව­දු­ර­ටත් අඩු­කර තිබෙනවා.

ඒ අනුව: රතු වර්ණ­යෙන් නිරූ­පිත මිලි­ලී­ටර් 100ක අඩංගු සීනි ග්‍රෑම් ප්‍රමා­ණය 11 සිට 8 දක්වා අඩු­කරයි.

ඇම්බර් වර්ණ­යෙන් දක්වන සීනි ප්‍රති­ශ­තය ද මිලි­ලී­ටර් 100ට ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන පරා­සය දක්වා අඩු­කර ඇතැයි සඳ­හන්.

කොළ වර්ණ­යෙන් දැක්වෙන සීනි ග්‍රෑම් ප්‍රමා­ණය ග්‍රෑම් 2.5ට අඩු විය යුතුයි.

ඊට අම­ත­රව අදාළ සංකේත ලාංඡන ඇසු­රුම් මත ප්‍රද­ර්ශ­නය කිරීම සම්බ­න්ධ­යෙන් වන විකල්ප ක්‍රම ද නව සංශෝ­ධ­න­ව­ලට ඇතු­ළත්.

එම ගැසට් නිවේදනය පහතින්,