ඩෙංගු අධි අවදානම් ප්රදේශ ආවරණය කරමින් ශ්රී ලංකා යුද හමුදාවද ඩෙංගු මර්දන සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කරනවා.
ක්ලීන් ශ්රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව සංවිධාන කර ඇති එම වැඩසටහන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්රිගු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්රියාත්මකයි.
ශ්රී ලංකා යුද හමුදාවේ හමුදා භටයින් 2026 දෙනෙකුගේ දායකත්වය ඊට යොදාගැනෙනවා.
