2026 වර්ෂයේ ජූලි මාසයට අදාළව ‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා ලබාදෙන දීමනාව අද ( 31) ඔවුන්ගේ අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා.
මෙම ගෙවීම් අදියර දෙකක් යටතේ සිදු කෙරෙනවා.
පළමු අදියර: අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන් 621,638 දෙනෙකු සඳහා රුපියල් 3,108,190,000.00 ක මුදලක්.
දෙවන අදියර: අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන් 77,324 දෙනෙකු සඳහා රුපියල් 386,620,000.00 ක මුදලක්.
ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට තම ප්රතිලාභ මුදල් 2026 අද ( 31) සිට සිය ‘අස්වැසුම’ බැංකු ගිණුම් හරහා කිසිදු බාධාවකින් තොරව ලබාගත හැකි බව බලධාරීන් වැඩිදුරටත් දැනුම් දෙනවා
