බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා තේ වතු හිමියන් දැනුවත් කිරීම හා ආධාර ලබාදීමේ වැඩසටහනක් පැවැත්වුණා.
2030 වසර වන විට තේ අපනයන ඉලක්ක සපුරාගනිමින් නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නංවාගැනීම ඉලක්කයයි.
ඒ අනුව තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි කර ගැනීම රජයේ අපේක්ෂාවයි.
එම ඉලක්ක ජය ගැනීම සඳහා තේ ගම්මාන 500 ව්‍යාපෘතිය රජය ආරම්භ කළා.
ඊට සමගාමීව කුඩා තේවතු හිමියන් දැනුවත් කිරීම හා ආධාර ලබාදීමේ වැඩසටහනක් බණ්ඩාරවෙලදී ක්‍රියාත්මක කෙරුණා.
ඒ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
