මීගහවත්ත පොලිස් වසමේ නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්රදේශයේදී ඊයේ (19) දින දහවල් බියගම දෙස සිට දෙල්ගොඩ දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී විරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථ රියැදුරු, එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු හා ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා උඩුපිල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ත්රීරෝද රථ රියැදුරු, කාන්තාවක් හා දැරියක් මියගොස් ඇත.
මරණකරු අවුරුදු 69 ක් වූ දේල්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මරණකාරිය අවුරුදු 39 හා දැරිය අවුරුදු 07 ක් වූ සියඹලාපේ ප්රදේශයේ පදිංචි මව සහ දියණිය වේ.
අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ ගමන්ගත් කුඩා දැරියක්ද රාගම රොහලට ඇතුලත් කර ඇත. මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
