මහව පොලිස් වසමේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ කැත්තෑපහුව ප්‍රදේශයේදී ඊයේ (10) දින සවස අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මීගලෑව රෝහලට අයත් ගිලන්රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ගිලන් රථ රියැදුරු, ගිලන් රථයේ සහයක සහ ගමන් කළ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිණියක් අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ගිලන් රථයේ රියැදුරු මියගොස් තිබෙනවා.
මරණකරු අවුරුදු 55 ක් වූ දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලොරි රථයේ රියැදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත සහ රියැදුරු අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇත.
මහව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
