ගෝඨාභය FCIDයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.

ඒ මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාලවයි.

2004 වසරේදී මිග් 27 ප්‍රහාරක ගුවන් යානා 4 ක් මිලදී ගැනීම සහ තවත් 4 ක් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් මීට හේතුවයි.

ඊට අදාළව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඊයේ ප්‍රශ්න කරනු ලැබුවා.

එම අක්‍රමිකතාව සම්බන්ධයෙන් අද දිනයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කැඳවා තිබුණා.