ලෝකයේ ‘තෙවන ධ්‍රැවය’ ලෙස හැඳින්වෙන පූජනීය හිමාලයානු හිම කඳු පද්ධතිය විනාශයේ අද්දරටම ළඟා වී ඇති බවට පරිසර විද්‍යාඥයින් දැඩි ලෙස අනතුරු අඟවනවා.
පසුගිය දශකයටත් වඩා සියයට 65 ක භයානක වේගයකින් හිමාලයේ ග්ලැසියර දියවෙමින් පවතින අතර, එයින් නිර්මාණය වන දැවැන්ත ජල තටාක ඕනෑම මොහොතක පිපිරී යාමේ දැඩි අවදානමක් මතුව තිබෙනවා.
මෑත කාලයේ නේපාලය සහ ටිබෙටය මහා විනාශයකට ඇද දැමූ මහා ගංවතුරෙන් අහිංසක මිනිස් ජීවිත 1,300කට අධික ප්‍රමාණයක් අළු වී ගියේ මෙම පාරිසරික අර්බුදයේ ආසන්නතම ඛේදනීය ප්‍රතිඵලයක් ලෙසයි.
සමස්ත දකුණු ආසියාවේම පැවැත්ම තීරණය කරන හිමාලයානු කලාපයේ පවතින ග්ලැසියර 40,000 න් සක්‍රීයව නිරීක්ෂණය කෙරෙන්නේ 21 ක් වැනි ඉතා සූළු සංඛ්‍යාවක් වීම, පරිසර සංරක්ෂණයේ ඇති බරපතල හිඩැස පෙන්නුම් කරනවා.
මිලියන සංඛ්‍යාත ජනතාවකට පැවැත්ම අහිමි කරමින්, සමස්ත ආසියානු ආර්ථිකයම අගාධයකට හෙළිය හැකි මෙම පාරිසරික කඩාවැටීම වැළැක්වීමට නම්, වායු දූෂණය වහාම පාලනය කර හිමාලය සුරැකීමේ දැවැන්ත කලාපීය වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව පර්යේෂකයින් දැඩි ලෙස අවධාරණය කරනවා.
හිමාලයානු ග්ලැසියර සීඝ්‍රයෙන් දියවීම හේතුවෙන් ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ ආර්ථිකයට මෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජනජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි අලුත්ම පර්යේෂණ වාර්තාවකින් අනතුරු අඟවන්නේ.
ගඩොල් පෝරණු වැනි කර්මාන්තවලින් පිටවන කළු කාබන් මඟින් හිම තට්ටු මත රැඳෙන දැලි මෙම හිම දියවීමට ප්‍රධාන ලෙස හේතුවන බැවින්, වායු දූෂණය අවම කිරීමටත්, සංචාරක ව්‍යාපාරය කළමනාකරණය කිරීමටත් පර්යේෂණ වාර්තාව මඟින් යෝජනා කරනවා.
