දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අවදානම් තත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන යටතේ, එක් පවුලකට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රජය විසින් ලබාදෙන ඉඩම්වල නව නිවාස ඉදිකිරීම සඳහා දින 03ක් තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 237කට මුල්ගල් තැබීම සිදු කෙරෙනවා.
ඒ අනුව මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නව නිවාස 123ක් සඳහා මුල්ගල් තැබීම අද ( 09 ) සිදු කිරීමට නියමිතයි.
