බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එය බටහිර දෙසට ගමන් කර ඇති අතර, මේ වන විට උතුරු අක්ෂාංශ 15.3 සහ නැගෙනහිර දේශාංශ 89.7 ආසන්නයේ කේන්ද්රගතව පවතී.
මෙම පද්ධතිය බොහෝ දුරට බටහිර දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අද (26) දිනයේදී බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේදී එය තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවද සඳහන් වේ.
ඉන් අනතුරුව, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (27) දිනය පමණ වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්යම මුහුදු ප්රදේශයේදී ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි.
මෙම පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
ඒ අනුව, උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්යම සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික්කයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාව පවතී.
ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
එමෙන්ම, මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලද විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.