නුවරඑළිය, මාගස්තොට ප්‍රදේශයේ නවාතැන්පොලක් තුල පසුගිය (10) වන දින කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නුවරඑළිය පොලිස් ස්ථානය විසින්.
විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (12) දින රාත්‍රී නුවරඑළිය බස් නැවතුම්පල අසලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකකරු අවුරුදු 27 ක් වූ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී 2026.11.10 වන දින තෙරිපැහැ පොලිස් වසමේදී අත්අඩංගුවෙන් පලා ගිය අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවට ද අනාවරණය වි ඇත.
නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
