මාතර, වල්ගම උතුර ප්රදේශයේ ඊයේ (17) දින අළුයම නිවසක් තුලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මාතර පොලිසිය වෙත ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 39 ක් වූ වල්ගම උතුර ප්රදේශයේ පදිංචි යුධ හමුදා නිලධාරියෙකි.
මරණකරු හා තම වැඩිමහල් සහෝදරයා සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ ආරවුලකදී සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
