කොළඹ වරාය නගරයේ නව Ansell ගෝලීය සේවා මධ්‍යස්ථානය විවෘත කෙරේ

කොළඹ වරාය නගරයේ (Port City Colombo) නව ‘Ansell Global Services’ ගෝලීය සේවා මධ්‍යස්ථානය අද (16) නිල වශයෙන් විවෘත කර තිබෙනවා.

ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත දිනා ගනිමින්, ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Ansell සමාගමේ නවතම “Ansell Global Services – A Talent Excellence Hub” මධ්‍යස්ථානය කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මෙය උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරුණා.

මෙම අවස්ථාවට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ද එක් වූ අතර, Ansell සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන විධායක නිලධාරිනී නතාලි අල්ස්ට්‍රෝම් (Nathalie Ahlström) මහත්මිය, ප්‍රධාන මෙහෙයුම් සහ සැපයුම් දාම නිලධාරී ජෝන් මාස්ඩන් (John Marsden) මහතා ඇතුළු එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමද එක්ව සිටියා.

1989 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වන Ansell සමාගම, මෙරට ශ්‍රම බලකායේ දක්ෂතා සහ නවෝත්පාදන හැකියාවන් කෙරෙහි තැබූ දැඩි විශ්වාසය මත කොළඹ වරාය නගරයේ මෙම ගෝලීය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා ආර්ථික පුනර්ජීවනයට සුවිශේෂී ශක්තියකි.