
ටිබෙට් දේශයේ අාධ්‍යාත්මික නායකයා ලෙස පිළිගැනෙන දලයිලාමා තුමාට ඉන්දියාවේ පුරවැසියන්ට පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන භාරත රත්න සම්මානය පිරිනමන ලෙස එරට පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික මන්ත්‍රී සංසදය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
දලයිලාමා තුමාගේ ආධ්‍යාත්මික ඉගැන්වීම් සහ ගෝලීය සාමය, මානව දයාව ප්‍රවර්ධන කිරීමට ඔහු දැක්වූ දායකත්වයට ගෞරව කිරීමක් ලෙස ඉන්දීය පාර්ලිමේන්තුවේ සැසිවාරයකදී සභාව ඇමැතීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් සර්ව පාක්ෂීක මන්ත්‍රී සංසදය රජයෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
භාරතීය ජනතා පක්ෂය, බිජු ජනතා දාල් සහ ජනතා දාල් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද ඇතුළත් වන එරට පාර්ලිමේන්තු සර්ව පාක්ෂික මන්ත්‍රී සංසදය රජයෙන් මේ ඉල්ලීම කර ඇත්තේ එම යෝජනාව ඔවුන්ගේ රැස්වීමක් අතරතුර ඒකමතිකව සම්මත කර ගැනීමෙන් පසුව බවද වාර්තා වේ.
දලයිලාමාතුමාට භාරත රත්න සම්මානය ලබාදීමේ යෝජනාවට සහාය දක්වමින් අත්සන් එක්රැස් කිරිමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇති අතර, ඊට මන්ත්‍රීවරු 80ක් පමණ අත්සන් තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. එම යෝජනාව ඉදිරියේදී අගමැති නරේන්ද්‍ර මෝදිට සහ ජනාධිපති ද්‍රෞපදී මුර්මුට භාර දීමට නියමිත බව ද වාර්තා වේ.