මහනුවර ශ්‍රී දළදා පෙරහරේ දෙවැනි දිනය අදයි.
අද සවස 7.01 ට යෙදෙන සුබ මොහොතින් පෙරහර ආරම්භ වීමට නියමිතයි.
ඊයේ ආරම්භ වුණු කුඹල් පෙරහර නැරඹිම සඳහා සංචාරකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
ඇසළ පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව, පොලිසිය පවසනවා.
විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.
මෙවර පෙරහර කරඬුව වැඩම කරනු ලැබුවේ ඉන්දිරාජා හස්තියා විසින්.
අද සවස සුබ මොහොතින් ඇරඹෙන දෙවැනි කුඹල් පෙරහර, විශ්ණු, නාථ, කතරගම, පත්තිනි, සිව් මහා දේවාල පෙරහර දළදා මලිගයේ පෙරහර සමග එක්ව වීථි සංචාරය කිරීමට නියමිතයි.
