කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර, බ්‍රැඩ්බි පළිහ ශූරතාවලියේ පළමු අදියර ජය ගැනීමට කොළඹ රාජකීය විදයාලය සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. රාජකීය ත්‍රිත්ව බ්‍රැඩ්බි පළිහ ශූරතාව පැවැත්වෙන 79 වැනි අවස්ථාව මෙයයි.
ඊයේ පළමු අදියර ආරම්භයේ සිටම රාජකීය විද්‍යාලය දක්ෂ ලෙස ක්‍රීඩා කළා. ඒ අනුව, ඔවුන් පළමු අර්ධයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 15 ක්. ත්‍රිත්ව විද්‍යාලය එහිදී ලබාගත්තේ ලකුණු 5 ක් පමණයි. දෙවැනි අර්ධයේදී දෙපිළම ලකුණු රැස් කළේ නැහැ. ඒ අනුව ලකුණු 15 ට 5 ක් ලෙස තරගය ජයගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි. ඔවුන් ලකුණු රැස් කළේ, ගෝල දිණුමක්, උත්සහක දිණුමක් සහ දඬුවම් පහරක් මගින්. බ්‍රැඩ්බි පළිහ ශූරතාවලියේ දෙවැනි අදියර ලබන මස 6 වැනිදා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
