මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසනවා.
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අද (24) දින අලුයම 6:00 වන විට, අඩි 50යි අඟල් 11ක් දක්වා පහළ බැස ඇති අතර එම ජලාශයට ඊයේ (23) දින මිලි මීටර් 12ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වනවා.
කාසල්රි ජලාශයේ ජල මට්ටම අද උදෑසන වන විට අඩි 40යි අඟල් 10ක් දක්වා පහළ බැස ඇති බවත්, එම ජලාශයට (23) දින මිලි මීටර් 14ක වර්ෂාපතනයක් ලැබි ඇති බවයි එම ඉංජිනේරුවන් කියා සිටියේ.
ජලාශ දෙකේම ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් ජලාශය ඉදි කිරිමෙදි මතු වූ නටඹුන් රැසක් සහ දූපත් රැසක් යළි මතුවෙමින් පවතින අයුරු අප කැමරාවේ සටහන් වී තිබුණා.
