ඇල්ලේ දී අනතුරට පත් බස්රථයේ හිමිකරු අත්අඩංගුවට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස් රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇල්ල පොලිසිය විසින්.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අදාළ බස් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අනතුරට පත් වන අවස්ථාවේ එම බස් රථයේ පිටුපස දකුණු රෝදයේ බ්‍රේක් අක්‍රිය වී තිබුණ බව අනාවරණය වී තිබෙනවා.