ජල කප්පාදුව අවලංගු කෙරේ

කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක කාලයක් ක්‍රියාත්මක වීමට තිබූ ජල සැපයුම අත්හිටුවීම සිදුනොවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශ කිහිපයකට ඇතුලුව බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 10 සිට රාත්‍රී 7.00 දක්වායි ජල සැපයුම අත්හිටුවීමට සැලසුම් කර තිබුණේ.