ටිපර් රථයක ගැටී මල් කැකුළක් මිලින වෙයි

ඊයේ (22) දින සවස් කාලයේ අම්පාර, කල්මුණ හන්දිය දෙස සිට බණ්ඩාරනායක වටරවුම දෙසට ධාවනය කල ටිපර් රථයකට මාර්ගය අයිනේ ගමන් කළ දරුවෙකු හා කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් දරුවා හා කාන්තාව තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කිරීමේදී දරුවා මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 04 ක්වූ උහන ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.