ගෝලීය දේශගුණික ප්‍රයත්නවල අනාගතය හැඩගස්වා ගත හැකි ඉලක්කයකට කැපවෙමින්, චීනය ප්‍රථම වරට හරිතාගාර වායු විමෝචනය සියයට 10කින් අඩු කිරීමට බලාපොරත්තු වන බව ජනාධිපති ෂී ජිං පවසනවා.
නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමිව පැවැත්වෙන දේශගුණික සමුළුවකට වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් චීන ජනාධිපති ෂී ජින් පැවසුවේ, 2035 වසර වන විට චීනය හරිතාගාර වායු විමෝචන උපරිම ආකාරයෙන් අඩු කිරීමට සැලසුම් කර ඇති බවයි.
චීනය ගත් මෙම පියවර පාරිසරික සංවිධාන වල පැසසීමට ලක් වී තිබෙනවා.
එහෙත් ගෝලීය ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට එය තවමත් ප්‍රමාණවත් නොවන බවයි පාරසරික සංවිධාන අවධානය කරන්නේ.
ලොව වැඩියෙන්ම හරිතාගාර වායු විමෝචනය සිදු වන රට වන්නේද චීනයයි.
මිට පෙර 2020 වසරේදී චීන ජනාධිපතිවරයා කාර්බන් ඩයොක්සයිඩ් විමෝචනය 2060 වසර වනවිට අවම කිරීමට සලසුම් කර ඇති බව පැවසුවා.
ඒ අනුව කාබන් ඩයොක්සයිඩ් පමණක් නොව සියලුම හරිතාගාර වායු ආවරණය කරමින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙය පැරිස් සම්මුතිය ඇතුළු දේශගුණික ඉලක්ක ළඟා කර ගැනීමට චීනය දරන උත්සාහයේ නව සන්ධිස්ථානයක් බවයි විදෙස් විචාරකයින්ගේ අදහස වන්නේ.
