පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (10) දින පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත්තේ.

පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 11.30 – ප.ව 5.00 කාලය පහත දැක්වෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනා 08 විවාදයට ගැනීමට නියමිතව ඇත.

හේෂා විතානගේ මහතා – රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම.

චමින්ද විජේසිරි මහතා – ලංකා ගමනාගමන මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.

රවී කරුණානායක මහතා – වාර්ගිකත්වය සහ ආගමික පදනම අනුව දේශපාලන පක්ෂ නම් කිරීම තහනම් කිරීම.

ලාල් ප්‍රේමනාත් මහතා – බිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම.

ටී. කේ ජයසුන්දර මහතා – පිටිගල, උඩුගම, නෙලුව සහ දෙණියාය නගර අයත් පරිසර පද්ධතිය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම.

රුවන් මාපලගම මහතා – පාසල් විෂය මාලාවට නීතිය සහ ආචාර ධර්ම ඇතුළත් කිරීම.

(වෛද්‍ය) කාවින්ද හේෂාන් ජයවර්ධන – ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරික්ෂණාගාරය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම.

රෝහණ බණ්ඩාර මහතා – ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.