අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ විශේෂඥ කමිටුවේ වාර්තාව, ඊයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත බාර දෙනු ලැබුවා.
ඒ, යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ දී. කමිටු වාර්තාව බාර දෙනු ලැබුවේ විශේෂඥ කමිටුවේ සභාපති, මහාචාර්ය ඕ. ජී. දයාරත්න මහතා විසින්. අධ්‍යාපන සභාව ස්ථාපනයට අදාළ කමිටුව විසින් ඉතා කෙටි කාලරාමුවක් තුළ මෙම වාර්තාව සකස්කර බාර දීම විශේෂත්වයක්. යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.
