බංග්ලාදේශ – නවසීලන්ත සටනේ ජය නවසීලන්තයට

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 100 කින් ජය ගැනීමට ප්‍රතිවාදි නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ගුහාටි ක්‍රීඩාංගණයේදි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුළු 9 ක් දැවී ලකුණු 227 ක් රැස්කළා.

බෲක් හෙලිඩේ ලකුණු 69 ක් ලබාගත් අතර, නායිකා සොෆි ඩිවයින් ලකුණු 63 යි.

පන්දු යැවීමේදි රබේයා ඛාන් කඩුලු 3 ක් දවාගත්තා. අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සියලුදෙනා පන්දුවාර 39 යි පන්දු 5 කදි දැවී ගිය අතර, ඔවුන්ට රැස් කිරීමට හැකිවුයේ ලකුණු 127 ක් පමණයි.

වැඩිම ලකුණුලාභිනිය වු ෆහීමා කටූන් ලකුණු 34 යි. ඒ අනුව, නවසීලන්ත කණ්ඩායමට තරගයේ ජය හිමිවු අතර, ඔවුන් මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනට අනුව පස්වැනි ස්ථානයේ පසුවනවා.

ඕස්ට්‍රේලියාව එහි පළමු ස්ථානයේ සිටින අතර, ‍දෙවැනි ස්ථානයේ පසුවන්නේ එංගලන්ත කණ්ඩායමයි.