නිවර්තන සුළි කුණාටු තත්වයක් හමුවේ මෙක්සිකෝවට බලපා ඇති හදිසි ගංවතුරින් මේ වනවිට 37 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
එරට බලධාරීන් පවසන්නේ තවත් පිරිසක් අතුරුදන්ව සිටින බවයි අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයකින් නායයෑම් ද වාර්තා වනවා.
මෙක්සිකෝවේ මධ්‍යම සහ ගිනිකොනදිග ප්‍රදේශවල ගංගා කිහිපයක් පිටාර ගලමින් පවතින අතර මහා මර්ගවලට මෙන්ම නිවාස රැසකට ද හානි සිදුව ඇති බව සඳහන්.
ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම ද ඇණහිට තිබෙනවා.
