මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් පොලිසියෙන් වටලයි

මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල මරගල වත්ත රක්ෂිත ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන

තිබේ.

වැටලීම සිදු කල අවස්ථාවේ දී සැකකරු එම ස්ථානයේ මත්පැන් නිෂ්පාදනය කරමින් සිට ඇති අතර එම ස්ථානයේ තිබී නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා,බැරල් ඇතුලු උපකරණ රැසක් ද පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට

ගෙන ඇත.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු මොණරාගල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.