නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉංජිනේරු එල්.කුමුදුලාල් බෝගහවත්ත මහතා පත් කර තිබෙනවා.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඒ මහතා වෙත අද බාරදෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී.
ඉංජිනේරු එල්.කුමුදුලාල් බෝගහවත්ත මහතා මීට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය එච්.එම්.සුසිල් රණසිංහ මහතා පත් කරනු ලැබුවා.
ඒ අනුවයි මෙම නව ලේකම්වරයා පත් කරනු ලැබ ඇත්තේ.
