තුන්සක රියක් තුළ සැකකටයුතු මරණයක්

මහරගම, ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේ ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 57 ක් වූ ගල්ගමුව, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න අනාවරණය කරගැනීම සඳහා මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.