ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කරනු ලැබ තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි ඒ මහතා වෙත භාර දෙනු ලැබුවේ.
මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ (SLPS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.
ඔහු ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, සංවර්ධන මූල්‍ය කරණය, මූල්‍ය විශ්ලේෂණය, බදු ප්‍රතිපත්ති සහ උසස් අධ්‍යාපන සැලසුම්කරණය යන ක්ෂේත්‍ර වල දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත නිලධාරියෙකු ද වනවා.
ඒ අනුවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් හා ආර්ථික කටයුතු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින්, ආර්ථික පාලනය හා ජාතික සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් උපායමාර්ගික ප්‍රතිපත්ති මගපෙන්වීම් ලබා දී ඇත්තේ.
ඒ මහතා ලුනාව රෝමානු කතෝලික පාසලෙන් සහ මොරටුව උයන ප්‍රාථමික විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලද ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා, බ/ කැප්පෙටි පොළ මහා විද්‍යාලයෙන් කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද, බණ්ඩාර වෙල ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයද සම්පූර්ණ කර තිබෙනවා.
ඔහු රුහුණ විශ්ව විද්‍යාලයෙන් (1994) භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධියක් ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් වායුගෝලීය භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද, ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබෙනවා.
එසේම ජපානයේ IDEAS (Institute of Developing Economies Advanced School) වෙතින් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා තිබෙනවා.
එසේම ඔහු රාජ්‍ය සේවා කාලය තුළ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන ආයතන ගණනාවක සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සේවය කර ඇති අයෙක්.
