රඹුක්කන මාවනැල්ල මාර්ගයේ තලගොල්ල පාලම ආසන්නයේ තිබූ ගසක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මාවනැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව ගසට යටවී තිබූ ත්‍රීරෝද රථයේ සිටි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවක් සහ කුඩා දරුවෙකු මුදවාගෙන මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමේදී ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 38 ක්වූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවනැල්ලපොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
