දෙසැම්බර් මුල් සතිය වනවිට මෙම වසර තුළ විදෙස් සංචාරකයින් විසි එක් ලක්ෂ 28,638 දෙනෙකු මෙරට පැමිණ ඇති බව වාර්තා වනවා.
2024 වසරේදි මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව විසි ලක්ෂ 53,465ක්.
ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මුල් සතිය වන විට සංචාරකයින් 75,173 දෙනෙකුගේ වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව දක්නට ලැබෙනවා.
රටේ ආපදා තත්වයක් පැවතියද සංචාරකයින්ගේ පැමිණිමේ අඩුවක් නොමැති බවයි, වාර්තා වන්නේ.
ඉන්දීයාව, ජර්මනිය, රුසියාව, එක්සත් රාජධානිය, චිනය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදනය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් වලින් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.
වැඩිම සංචාරකයින් පිරිසක් වාර්තා වන්නේ, ඉන්දියාව එක්සත් රාජධානිය, ජර්මනිය, රුසියාව, චීනය, ප්‍රංශය වැනි රටවල්වලින්.
