
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය නිපුණත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අඛණ්ඩව විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවන් හා පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු දැක්වීම සිදු කරනු ලැබුවේ හෘද තාක්ෂණය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව (2025) සාර්ථකව නිමකරන ලද හෘද ඛන්තු රේඛන ශිල්පීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම වෙනුවෙන් පසුගිය දා කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිලි (UCFM Tower) ශ්‍රවණාගාරයේ දී පැවති උත්සව සභාව අමතමිණි.
හෘද තාක්ෂණය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකරන ලද හෘද ඛන්තු රේඛන ශිල්පීන් 351කට මෙහි දී සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය මෙම හෘද තාක්ෂණය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව (2025) සංවිධානය කර පවත්වනු ලැබු අතර එම පාඨමාලාව වසරක අධ්‍යන කාලයකින් සමන්විත වේ. එම පාඨමාලාව සඳහා මෙරට රජයේ රෝහල් වල සේවයේ නියුතු හෘද ඛන්තු රේඛන ශිල්පීන් 351 දෙනෙකු සහභාගී කර ගන්නා ලදී.
ECG, ව්‍යායාම ECG, Holtor, කැතීටකරණ, Tilt Table, Pace maker යන පරික්ෂණ මෙන්ම pharmacological Stress Test, Ambulatory Blood pressure Monitoring, යන කාර්යන් ප්‍රමුඛ කරගනිමින් හෘද ඛන්තු රේඛන ශිල්පීන් රෝගී සත්කාර සේවාවන්ට අවශ්‍ය සහාය ලබාදෙනු ලබන අතර මේ වන විට 500කට ආසන්න හෘද ඛන්තු රේඛන ශිල්පීන් සංඛ්‍යාවක් මෙරට රෝගී සත්කාර සේවාවේ නිරතව සිටී.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අඛණ්ඩ වෘත්තීය නිපුණත්වය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අඛණ්ඩව මෙවන් විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවන් මෙන්ම පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර මේ තුළින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය ප්‍රමිතීන් වර්ධනයට, දැනුම ආකල්ප ප්‍රවර්ධනයට මෙවැනි පාඨමාලාවන් බෙහෙවින් ඉවහල් වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම උත්සව සභාව අමතමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී තවදුටත් අදහස් දක්වමින් හෘද ප්‍රතිකාර සහ සත්කාර සේවාවේ දී වෘත්තීය ප්‍රමිතීන් වර්ධනය කිරීම සදහා මෙවැනි විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් බෙහෙවින් ඉවහල් වන බවත්, මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අතුරු වෛද්‍ය සේවා වෘත්තියට අයත් හෘද ඛන්තු රේඛන ශිල්පීන්ගේ දැනුම, ආකල්ප ප්‍රවර්ධනයට, නවීකරණයට සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ක්‍රියාත්මක කරන මෙවැනි වැඩසටහන් බෙහෙවින් ඉවහල්වන බව ද පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ අංශය මගින් සෞඛ්‍ය සේවාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් නිරතුරුවම වෘත්තිකයන් දැනුමින් සවිමත් කිරීම විශිෂ්ට කරුණක් බවත්, ඒ තුළින් වෘත්තිකයන්ගේ දූරදර්ශීභාවය, නායකත්වය සහ නොපසුබට කැපවීම ඉස්මතුවන බවත්, මෙම දැනුම ප්‍රවර්ධන පාඨමාලාවන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වන බවත් පැවසීය.
දිවයින පුරා රජයේ රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය වෘත්තිකයන් මෙවැනි පාඨමාලාවන් තුලින් වෘත්තීය දැනුමින් සන්නද්ධ වීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණෙන රෝගියාට විශිෂ්ට, කාර්යක්ෂම සේවාවක් ලැබෙන බවත්, මෙම උසස් ඩිප්ලෝමා පාඨමාලාව අනාගතයේ දී උපාධි පාඨමාලාවක් දක්වා වර්ධනය විය යුතු බවත්, අනාගතයේ දී සිය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වීමට ද එය බෙහෙවින් ඉවහල්වනු ඇතැයි ද සදහන් කර සිටියේය.
මෙම උසස් ඩිප්ලෝමා පුහුණු වැඩසටහනේ අධ්‍යයන කටයුතු සිදුකල හෘද රෝග විශේෂඥයින්, විෂය විශේෂඥයින්, සායනික පුහුණු අධීක්ෂකවරුන්, අධ්‍යයන කණ්ඩායම්, ඊට අඳාළ අධ්‍යයන ආයතනය සහ පාසල් වල සියලු කාර්ය මණ්ඩලයට මේ වෙනුවෙන් සිදුකරන කැපකිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තම කෘතඥතාවය පලකර සිටින බව ද වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුරංග දොලමුල්ල, වෛද්‍ය සමන්ත රණසිංහ (පුහුණු), ඛන්තු රේඛන ශිල්පී පුහුණු පාසලේ විදුහල්පති නිලූපා සුභසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළුව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ උපදේශක හෘද රෝග විශේෂඥයින්, ජ්‍යෙෂ්ඨ උපදේශක හෘද විද්‍යුත් භෞතවේදින්, ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූවන්ගේ පවුල්වල සමාජිකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පිරිසක ද එක්ව සිටියහ.