හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියට අයෙකු අත්අඩංගුවට

මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී 2022.08.02 වන දින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින්.

ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු ඊයේ (25) දින උදෑසන කාලයේ මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදීඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 430 ක් හා ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 32 ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහුට කොළඹ ගරු මහාධිකරණයේ විභාග වන නඩු 02 ක් සඳහා විවෘත වරෙන්තු නිකුත්ව ඇති බවට අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.