අමෙරිකානු හමුදාව වෙනිසියුලානු තෙල් ප්‍රවාහනයට සම්බන්ධ ප්‍රධාන තෙල් ප්‍රවාහන නෞකා දෙකක් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්ලාන්තික් සාගරයේ සහ කැරිබියන් මුහුදේ සිදුකළ මෙම මෙහෙයුම්, වෙනිසියුලාවේ තෙල් අපනයනය පාලනය කිරීමේ අමරිකානු උත්සහයේ තවත් එක් පියවරක් ලෙසයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමරිකානු විශේෂ බලකාය අත්අඩංගුවට ගෙන දින කිහිපයකට පසු බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සහාය ඇතිව උතුරු අත්ලාන්තික් සාගරයේදී ඊයේ රුසියානු ධජය යටතේ යාත්‍රා කළ ‘මරිනෙරා‘ නෞකාව ඇමරිකානු හමුදා භාරයට ගනු ලැබුවේ දින 14 ක ලුහුබැඳීමකින් අනතුරුවයි.
මේ සම්බන්ධයෙන් රුසියාව දැඩි විරෝධය පළ කළත්, අමෙරිකාව පවසන්නේ මෙම නෞකා ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරමින් ගමන් කළ බවයි.
මේ අතර කැරිබියන් මුහුදේදී ‘එම්.ටී. සෝෆියා‘ නමැති දෙවන නෞකාව ද ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ භාරයට ගැනුණා. ආර්ථික බිඳවැටීම වළක්වා ගැනීම සඳහා වෙනිසියුලානු නායකත්වය දැනටමත් ඇමරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව, අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඩොලර් බිලියන තුනකට ආසන්න වටිනාකමකින් යුත් තෙල් බැරල් මිලියන 50ක් වෙනිසියුලාව ඇමරිකාවට ලබා දෙනු ඇති බවයි.
චීනය සහ අනෙකුත් රටවල් මෙම ක්‍රියාව හෙළා දැක ඇති අතර, අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් ද පූර්ණ යුදමය ක්‍රියාවලියකට යාම පිළිබඳව තම විරෝධය පලකර තිබෙනවා.
