15කගේ දිවි අහිමිකළ බෝට්ටු අනතුර

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අවම වශයෙන් පුද්ගලයින් 316 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් 28 දෙනෙකු අතුරුදන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. අද අලුයම එම අනතුර සිදුව තිබෙනවා.

යාත්‍රාව අනතුරට ලක්වන විට එහි මගීන් 332නෙකු සහ කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවූ අවස්ථාවේ යහපත් කාලගුණ තත්වයක් තිබී ඇති බවද සදහන්.

යාත්‍රාව අනතුරට ලක්වීමට හේතුව මේ වනවිට තහවුරුවී නොමැති බවයි විදෙස් බලධාරීන් සදහන් කරන්නේ.

බේරාගත් අයගෙන් බහුතරයක් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින අතර කිහිප‍ දෙනෙකුට හදිසි ප්‍රතිකාර අවශ්‍යය බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

අතුරුදන් වූවන් සොයා සිදුවූ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.