ත්රීරෝද රථ කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025.12.12 වන දින පිළියන්දලදී රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා ත්රීරෝද රථයක් කොල්ලකෑමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (28) දින උදෑසන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් රත්මලාන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 23 ත් 28 ත් අතර වයස්වල පසුවන රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
කොල්ලකන ලද ත්රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
