ට්‍රම්ප්ගේ ඉලක්කය

ඉරානය සතු න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල බලය මුළුමනින්ම විනාශ කිරීම තම මෙහෙයුමේ මූලික ඉලක්කය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මෙම මෙහෙයුම තවත් සති හතරක හෝ පහක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක විය හැකි බවද ට්‍රම්ප් පවසනවා.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වන විට මුළුමනින්ම වසා දමා ඇති බවයි.

ඒ හරහා යාත්‍රා කරන ඕනෑම නෞකාවකට පහර දෙන බව එම බලකාය පවසනවා. අමෙරිකානු සබඳතා සහිත තෙල් නැවකට ඔවුන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මෙම සමුද්‍ර සන්ධිය සති කිහිපයක් වසා තැබුවහොත්, ගෝලීය තෙල් සැපයුම් දාමය මුළුමනින්ම බිඳ වැටිය හැකි බවයි.