ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවයට හා තීරණ ගැනීමේ අයිතියට පූර්ණ වශයෙන් ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිස් බුෂර්’  නෞකාව සහ අයිරිස් ඩෙනා  නෞකාවේ නාවිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවයට හා තීරණ ගැනීමේ අයිතියට පූර්ණ වශයෙන් ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ, බේරාගත් ඉරාන  නාවික හමුදා පිරිස් සහ නෞකාව සම්බන්ධයෙන් ගත යුතු අවසන් තීරණය ශ්‍රී ලංකා රජය සතු ස්වාධීන කටයුත්තක් බවයි. ශ්‍රී ලංකාවේ දේශීය නීතියට මෙන්ම ජාත්‍යන්තර නෛතික බැඳීම්වලට අනුකූලව මෙම පිරිස හා නෞකාව පිළිබඳ කටයුතු කිරීමේ පූර්ණ බලය ශ්‍රී ලංකාව සතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.