හෙට (31) සහ අනිද්දා (01), ඔත්තේ දිනයන් වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් මයුර නෙත්තිකුමාර පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අද (30) දිනයේ අවසන් තීරණයක් ගනු ඇති බවයි.
අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කරනු ලැබුවා.
