කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි ගාස්තු ඉහළට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මකයි.

ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 4.3%කින් ඉහළ යන අතර මාසිකව රුපියල් 15කින් ඉහළ යනු ඇත.

31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ ගොස් තිබෙනවා.

61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික වැඩිවීම රුපියල් 120ක්.

91-120 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1%කින් ඉහළ ගොස් ඇති අතර එහි මාසික වැඩිවීම 420ක්.

180ට වැඩි ඒකක සඳහා විදුලි ගාස්තු ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර එය 25%කින් විදුලි ගාස්තු වැඩිවීමක් ද සිදුකර ඇත.