පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ජනතාවට විවෘත කිරීම අද (08) පෙරවරුවේ සිදු විය.
රුපියල් මිලියන 424ක පිරිවැයකින්, “ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ මහනගර සභාව ඇතුළු ආයතන රැසක සහයෝගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වූ දැවැන්ත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය නියමිත කාලයට පෙර නිම කිරීමට හැකි වීම විශේෂත්වයකි.
දිනකට 75,000ක් පමණ වන මගී ජනතාව සහ බස් රථ 2,000කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් නවීන පහසුකම් රැසක්, නවීකරණය කරන ලද මෙම බස් පර්යන්තයේ ස්ථාපිත කර තිබේ. මෙහි බිම් මහල බස් රථ මෙහෙයුම් සඳහා වෙන් කර ඇති අතර, පළමු මහලේ රියදුරු සහ කොන්දොස්තර මහතුන් වෙනුවෙන් වායු සමනය කළ නවාතැන් පහසුකම් සලසා ඇත.
දෙවන මහල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්යාලය සහ නවීන ශ්‍රවණාගාරයකින් සමන්විතය.තවද මෙහි පළමු මහල අලෙවිසැල් සහ නවීන සනීපාරක්ෂක පහසුකම්වලින්ද , දෙවන මහල පාසල් සිසු දරුවන් වෙනුවෙන් වෙන් කළ නවාතැන් පහසුකම්වලින්ද සමන්විත වේ.
සමස්ත පරිශ්‍රයම CCTV කැමරා පද්ධතියකින් ආවරණය කර ඇති අතර, ඩිජිටල් තිර සහ නවීන තොරතුරු මධ්‍යස්ථානයක් ඔස්සේ මගීන්ට අවශ්‍ය තොරතුරු ක්ෂණිකව නිකුත් කිරීම සිදු කෙරේ.
