පකිස්ථානයේ බලුකිස්ථාන ප්‍රාන්තයේ ක්වෙටා අගනුවර චාමන් පටාක් දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැගත් මෙම දුම්රියට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 70 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊද් උත්සවය වෙනුවෙන් නිවාඩු ලබා තම නිවෙස් බලා යමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් ඊයේ උදෑසන මෙම පිපිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයේ වගකීම බෙදුම්වාදී කණ්ඩායමක් වන බලුකිස්ථාන විමුක්ති හමුදාව විසින් භාරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් මහතා සිය දැඩි පිළිකුල පළ කර සිටිනවා
