ප්‍රහාර බියෙන් ඉරාන උත්තරීතර නායකයා බංගරයක සැඟවෙයි

අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා ප්‍රමාද වීමට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා ඛමේනි රහසිගත ස්ථානයක සැඟව සිටීම ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

ඔහු බාහිර ලෝකයෙන් මුළුමනින්ම හුදෙකලා වී සිටීම නිසා සාම ගිවිසුම් සම්බන්ධ සන්නිවේදන කටයුතු දැඩි ලෙස අඩාල වී ඇති බවයි සී.බී.එස්. පුවත් සේවය සඳහන් කරන්නේ.

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ඉරාන උත්තරීතර නායකයා ඇතුළු එරට ඉහළ පෙළේ බලධාරීන් රැසක් භූගත බංකර්වල රැඳී සිටින බවයි.

මොජ්තබා ඛමේනි සමඟ සන්නිවේදනය සිදු කරනු ලබන්නේ අතිශය රහසිගත පණිවිඩකරුවන්ගේ ජාලයක් මඟින් පමණක් බවයි අමෙරිකානු නිලධාරීන් පවසන්නේ.

මෙම ප්‍රාථමික සන්නිවේදන ක්‍රමවේදය හේතුවෙන් සාම යෝජනාවලට ප්‍රතිචාර ලැබීම සඳහා සති කිහිපයක අධික කාලයක් ගත වන අතර, ඉරාන නියෝජිතයින්ද මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව සඳහන්.