RCB අවසන් 4 අතරට

ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම, තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගත්තා.

ඒ, ‍පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 23 කින් ජය ගනිමින්.

තරගය පැවැත්වුණේ, ධරම්සාලා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය හිමි කර ගත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට දුන් අතර, නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක් රැස් කළා.

විරාත් කෝලි ලකුණු 58 යි. දෙව්දත් පඩික්කාල් ලකුණු 45 ක් ලබා ගත්තා. වෙන්කටීෂ් අයියර් නොදැවී ලකුණු 73 යි.

පන්දු යැවීමේදී ‍පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ හර්ප්‍රීට් බ්රාර් කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස ලකුණු 223 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ‍පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ, ලකුණු 199 ක් පමණයි.

ශශන්ක් සින්ග් ලකුණු 56 යි. පන්දු යැවීමේදී රෝයල් චැලෙන්ජර්ස් ‍බෙංගලූරු කණ්ඩායමේ රාසික් සලාම් කඩුලු 3 ක් දවා ගත්තා.