අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත් වුණා.
ඒ, ඊයේ පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමින්.
තරගය පැවැත්වුණේ මුලන්පූර් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම, පන්දු වාර 14 යි, පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 101 ක් රැස් කළා. මාකස් ස්ටොයින්ස් ලකුණු 26 යි. පන්දු යැවීමේදී ජෝර්ෂ් හැස්ල්වුඩ් සහ සුයාෂ් ශර්මා කඩුලු 3 බැගින් බිඳහෙලුවා.
යෂ් දයාල් කඩුලු 2 යි. පිළිතුරු ලෙස රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම තරගය ජයගත්තේ පන්දු වාර 10 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 106 ක් රැස්කරමින්.
පිල් සෝල්ට් නොදැවී ලකුණු 56 යි. එම ජයග්‍රහණයත් සමග රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියා. ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ වසර 9 කට පසුවයි.
මීට පෙර 2009, 2011 සහ 2016 යන වසරවලදී අවසන් තරගයට පිවිසද ඔවුන්ට ශූරතාව හිමිකර ගැනීමට අවස්ථාව හිමිවුණේ නැහැ.
පරාජයට පත් වූ පංජාබ් කිංග්ස් කණ්ඩායමට, තරගාවලියේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනවා.
අයි.පී.එල්. තරගාවලියේ මූලික වටය අවසන් වනවිට, ලකුණු සටහනේ තෙවන සහ සිව්වන ස්ථානවල පසු වූ ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර අද පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කරන කණඩායම, සුදුසුකම් ලබාගැනීමේ දෙවන තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
