ඉන්දුනීසියාවේ කෙන්දාරි නගරයට බලපෑ හදිසි ගංවතුරින් නිවාස එක්දහස් තුන්සියයකට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවී තිබෙනවා.
ප්‍රදේශයේ ගංගා පිටාර ගැලීමෙන් අවතැන් වූවන් සහන කඳවුරුවලට යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
කෙන්දාරි නගරය ආශ්‍රිතව හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව එරට පුවත් සේවා සඳහන් කරනවා.
වන්ගු ගංගාව පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.
ජනතාව සිය දේපළ බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන බවයි වාර්තා වන්නේ.
අලුයම කාලයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා නිවෙස්වල තිබූ ගෘහ භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් විනාශ වී ඇති බව සඳහන්.
මාර්ගවල එක්රැස් වී ඇති මඩ සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, විපතට පත් වූවන්ට සහන සැලසීමද අඛණ්ඩව සිදුකෙරෙනවා.
මෙවැනි තත්වයක් යළි ඇති නොවීමට ගංවතුර පාලනය කිරීම සඳහා ස්ථිර බැම්මක් කඩිනමින් ඉදි කරන ලෙසයි ප්‍රදේශවාසීන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
වැසි සහිත කාලගුණය ලබන 17 වනදා දක්වා පවතිනු ඇති බව සඳහන්. ප්‍රදේශය පුරා ආපදා ප්‍රතිචාර දැක්වීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව කෙන්දාරි නගර බලධාරීන් පවසනවා.
