කොංගෝ රාජ්යයේ ශීඝ්රයෙන් ව්යාප්ත වන ඉබෝලා වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ සියයකට අධික සංඛ්යාවක් වාර්තා වී තිබෙනවා.
අප්රිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්යස්ථානය පවසන්නේ මේ වන විට සැකකටයුතු රෝගීන් තුන්සිය අනූවකට අධික පිරිසක් හඳුනාගෙන ඇති බවයි.
මේ අතර, උගන්ඩාවෙන් ද ආසාදිතයන් දෙදෙනෙකු සහ එක් මරණයක් වාර්තා වන බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්ය සංවිධානය විසින් මෙම ඉබෝලා වෛරස් ව්යාප්තිය ජාත්යන්තර හදිසි තත්ත්වයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා.
‘බන්ඩිබුගියෝ’ ලෙස හඳුන්වන මෙම ඉබෝලා වෛරස් ප්රභේදය සඳහා මෙතෙක් අනුමත ඖෂධ හෝ එන්නත් සොයාගෙන නොමැති බැවින්, මහජන සෞඛ්ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස අප්රිකානු රෝග පාලන මධ්යස්ථානයේ ප්රධානියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විශේෂයෙන්ම මියගිය පුද්ගලයන්ගේ අවමංගල්ය කටයුතුවලදී වෛරසය ව්යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙනවා.
මීට පෙර පැවති ඉබෝලා ව්යාප්තීන්හිදී දේහයන් ස්පර්ශ කිරීම සහ සේදීම වැනි සාම්ප්රදායික කටයුතු හේතුවෙන් විශාල පිරිසකට රෝගය වැළඳී ඇති බව සෞඛ්ය අංශ පෙන්වා කර දෙනවා.
මේ අතර කොංගෝ රාජ්යයේ සේවය කළ ඇමරිකානු වෛද්යවරයෙකුට ද රෝගය වැළඳී ඇති අතර, ඔහුව වැඩිදුර ප්රතිකාර සඳහා ජර්මනිය වෙත රැගෙන යාමට කටයුතු යොදා තිබෙනවා.
