උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සැලසුම් කර ඇති පරිදි ලබන අගෝස්තු මස 10 වනදාම ආරම්භ කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.

විභාගය කල් දමන ලෙස විවිධ පාර්ශව සිදුකරන ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, කරුණු 4ක් පදනම් කරගනිමින් අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කළා.

එහි සඳහන් වන්නේ,

* ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව 300කි.

* 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා, ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343කි.

* 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා පරතරය මාස 4ක් සහ දින 10 කි.

* ඒ අනුව 2026 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාල‍ය ලැබී ඇති බැවින්, අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟී. යනුවෙනි.