ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවේ සභාපති ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේ, නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය ද හිමි වූ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් නව තේරීම් කමිටුව පත් කෙරුණා. කපිල විජේගුණවර්ධන මහතා සභාපති ලෙස කටයුතු කරන තේරීම් කමිටුවට තවත් සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළත්.
අමල් සිල්වා, වරුණ වරාගොඩ, බ්‍රෙන්ඩන් කුරුප්පු යන මහත්වරුන් සහ වැනේසා ද සිල්වා මහත්මිය ඊට ඇතුළත් සෙසු සාමාජිකයින්.
